1. මංගල බිත්තියට නාන කාමරය සම්බන්ධ කිරීම
මංගල බිත්තිය නිවසක බ්‍රහ්ම පාදය මෙන් උතුම් තැනකි.එබැවින් මංගල බිත්තියට නානකාමර ,වැසිකිලි සම්බන්ධ කිරීමෙන් නිවැසියන්ට පිඩා ඇතිවිය හැක. එනම් නිවැසියන් රෝගාබාධ වලට ලක්වේ. මෙහිදී ඇතිවන්නේ පිටකොන්ද,පපුව,අමාශය,ආශ්‍රිත රෝගයන්ය.
මෙවන් විටෙක කල යුතු වන්නේ මංගල බිත්තිය නානකාමරය හා කෙලින්ම සම්බන්ධ නොකිරීමයි.
2. කර්ධිම දෝෂය
කර්ධිම යනු මඩ වගුර යන්නයි. මඩවගුරක් සහිත ස්ථානයක සැලසුම් නොකර නිවෙසක් ඉදිකිරීමෙන් මෙම දෝෂයට ලක්වේ. වෙල්යායවල් ගොඩකර නිවෙස් ඉදිකිරීමෙන්, අවිධිමත් ලෙස වතුර බස්නාවන් පැවතීමෙන් මෙම දෝෂයට ලක්වේ.
මෙම දෝෂය මගහරවා ගැනීමට නම්, වැල්ල දක්වා මඩ ඉවත් කර හොද පාදමක් තනාගැනීම, මෙන්ම වතුර බැස්ම නැගෙනහිර,බස්නාහිර,ඊසාන දිශාවන්ගෙන් එක් දිශාවකට ගලායාමට සකස්කරගැනිමක් කල යුතුය.
3. මංගල බිත්තිය ඇදට / කඩතොලු සහිතව දැමීම.
මංගල බිත්තිය යනු අත්තිවරමක හරිමැදින් යොදනුලබන අත්තිවාරම බෙදාවෙන්කිරීමට යොදාගන්නා ප්‍රධාන බිත්තියයි.මංගල බිත්තිය අත්තිවරමක දික් අතට ඉදිරියේ සිට පසුපසට සෘජුව ගොඩනැගිය යුතුයි. මංගල බිත්තිය ගෘහමුලිකයාගේ කොඳුනාරටිය නියෝජනය කරයි. මෙමෙ බිත්තිය අක්‍රමවත් නම් කොදුනරටියක් නැති මිනිසෙකු නිර්මාණය වේ. ගෘහමුලිකයට සුසුම්නාව ආශ්‍රිත රෝග ඇතිවේ.ධන හානි සිදුවේ.
මේ සදහා කල යුතු වන්නේ මංගල බිත්තිය සෘජුව, කඩතොළු රහිතව නිර්මාණය කිරීමයි.